හසලක, වේරගංතොට ප්රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
අතුරුදන් වී ඇත්තේ 08 හැවිරිදි වේරගංතොට, බුලත්වැල්කඳුර ප්රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසීය.
අදාළ දරුවා සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
අතුරුදන්වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හසලක පොලීසිය සහ ප්රදේශවාසීන් එක්වී ආරම්භ කර ඇත.