Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසරකට පසු සංචාරක ආදායම ඉහළ යයි
    Featured

    වසරකට පසු සංචාරක ආදායම ඉහළ යයි

    By LFNApril 1, 2023No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0යි දශම 3ක වර්ධනයක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169ක්.

    2023 පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 7,639යෙකු පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 2,545ක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 96,507ක් පමණයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙන්.

    2022 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 321ක් මෙරටට ලැබී තිබුණා. මේ වසරේ එම මාස දෙකේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 332ක්.

    මේ අතර, මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 407ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබුණු බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 20250112 Views

    දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය…

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025

    රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.