Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශීය ණය ගැන මහ බැංකුව ගැනීමට යන තීරණය
    Featured

    දේශීය ණය ගැන මහ බැංකුව ගැනීමට යන තීරණය

    By LFNApril 1, 2023No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, IMF මූල්‍යනය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග සාර්ථකව අත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    IMF වැඩසටහනට අනුව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟා කරගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසරබව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව මහ බැංකුව පවසයි.

    ශ්‍රී ලාංකික ජනතාව රජයේ ප්‍රමුඛත්වය වන අතර, IMF වැඩසටහනෙහි කොටසක් ලෙස, වඩාත් අවදානම් සහගත ප්‍රජාව ආරක්ෂා කරගැනීම සඳහා පවතින සමාජ ආරක්ෂණ දැල් වැඩි දියුණු කිරීම අරමුණ බවද සඳහන් කරයි.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මන්දගාමීවීම සහ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් වඩාත් ප්‍රමිතිගත මට්ටම් කරා යළි පැමිණීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැනටමත් දිරිගන්වන ස්ථායීකරණ සලකුණු පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පවසයි.

    මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ IMF වැඩසටහන සාර්ථකව නිමා කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවය.

    අපේක්ෂා සහගත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න සිදු කළ ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ගමන් මඟ විස්තීරණ ණය ප්‍රතිකර්මයක් නොමැතිවීම හමුවේ ඔරොත්තු දිය නොහැකි මට්ටමක පවතියි.
    ශ්‍රී ලංකාව IMF වැඩසටහන් කාලය පුරා සැලකියයුතු විදේශීය මූල්‍යන පරතරයකට ද මුහුණ දෙමින් සිටියි.

    මෙම මූල්‍යන පරතරය නව විදේශීය මූල්‍යන සහ විදේශීය ණය සේවාකරණ සහන ඔස්සේ ආවරණය කළ යුතුව ඇති බව මහ බැංකුව පවසයි.

    බලධාරීන් ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ ධාරිතාව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යන අතරතුර, ද්‍රවශීලතා සහන අරමුණු කරගත් දේශීය ණය ප්‍රශස්තකරණයක් සඳහා විකල්ප සොයමින් සිටින බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    මෙම දේශීය ණය ප්‍රශස්තකරණයක් ස්වෙච්ඡාමය පදනමක් මත පවත්වනු ඇති අතර, එය අප විසින් ප්‍රධාන භාණ්ඩාගාර බැඳුම්කරහිමියන් සමග පවත්වනු ලබන සාකච්ඡාවන් මත පදනම් වනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    එහි තවදුරටත් දැක්වෙන්නේ, “අප ඉදිරියට යෑමත් සමඟ, අපගේ සියලු ණයහිමියන් සමඟ පවතින බැඳියාවන් විනිවිදභාවයකින් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්ෂා කරන අතර, IMF ණය තිරසාරත්ව විශ්ලේෂණය සහ ණය ප්‍රතිකර්ම මූලධර්මයේ තුලනාත්මකභාවය සමඟ අනුරූප වන ණය ප්‍රතිකර්ම ගිවිසුම් කරා ළඟා වීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු,” යනුවෙනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර් බිලියන 7ක අරමුදලක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,918 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250127 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.