Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආර්ථික අර්බුදයෙන් රටේ සියයට 86 කගේ ආහාර රටාව බිඳ වැටේ
    Featured

    ආර්ථික අර්බුදයෙන් රටේ සියයට 86 කගේ ආහාර රටාව බිඳ වැටේ

    By LFNMarch 31, 2023No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

    එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා ආහාර අයිතමයන් යොදා ගැනීම ද අවම වී තිබෙනවා. සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්. තවත් සියයට 38 ක් ආහාර ප්‍රමාණය අවම කර ඇතැයි අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන්.

    දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත්විට වතු අංශයේ සියයට 68 ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ආහාර සඳහායි.

    රත්නපුර, අම්පාර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75 ක් තමන් උපයන මුළු මුදලම ආහාර ලබාගැනීම පිණිස වැය කර තිබීම ද කැපීපෙනෙන තත්ත්වයක්. 2021 වසරේ හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිත අමතර ආහාර පරිභෝජනය සියයට 3 යි දශම 4 කින් පහළ වැටී තිබෙනවා.

    2022 ඔක්තෝම්බර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2 යි දශම 2 යි 6 ක් අමතර ආහාර පරිභෝජනය නවතා තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.