Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 2026

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළවළු මිලේ දැවැන්ත වෙනසක්
    Featured

    එළවළු මිලේ දැවැන්ත වෙනසක්

    By LFNMarch 27, 2023No Comments1 Min Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

    ඒ අනුව රුපියල් 400කට අලෙවි කෙරුණු බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 දක්වාත්, රුපියල් 700කට අලෙවි කෙරුණු මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 250 දක්වාත්, කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත්, ගෝවා කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 සිට රුපියල් 50 ක් පමණ දක්වාත් පහත වැටී තිබෙනු දක්නට ලැබුණි.

    මේ අතර, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයට ලැබෙන තොග ප්‍රමාණය ඉහළ යෑමත් සමග එහි මිල ගණන්ද පහත වැටී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 20 ත් 25ත් අතර, බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 ත් අතර, තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, වම්බටු කිලෝවක් රුපියල් 150 කට සහ ලීක්ස් කිලෝවක් රුපියල් 140 කට ආදි වශයෙන් අඩු මිලට අලෙවි වනු දක්නට ලැබේ.

    එමෙන්ම තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු තොග මිල පහළ ගොස් ඇත.

    වෙළෙඳුන් පැවසුවේ, උඩරට සහ පහතරට එළවළු තොග ලැබීම් ඉහළ යෑම ඊට හේතුව බවය.

    මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැසුවේ අප්‍රේල් පළමු වනදා සිට 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවළු, පලතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට පමණක් අවස්ථාව සලසාදෙන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 2026

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 20260117 Views

    අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී…

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.