Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලනය කතා කරන්න ගිය දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ට උතුරෙන් විරෝධය
    Featured

    දේශපාලනය කතා කරන්න ගිය දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ට උතුරෙන් විරෝධය

    By LFNMarch 25, 2023Updated:March 26, 2023No Comments3 Mins Read600 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද (25) යාපනයට ගොස් යාපනයේ සම්මන්ත්‍රණයක් පැවැත්විමට යාමේදි යාපනය ජනතාවගේ දැඩි විරෝධය මැද නැවත පැමිණිමට කටයුතු කර ඇත.එහිදි ජනතාවගේ අයිතින් යැයි පවසමින් ත්‍රස්ථවාදි පනත අහෝසි කරනු, දේශපාලන සිරකුරුවන් නිදහස් කරනු යන කරුණු සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විමට මෙලෙස කටයුතු යොදා තිබුන අතර, එවැනි කරුණු යාපනයේ සාමාන්‍ය ජනතාවට ජිවිකාවට බාධාවක් නොවන බවත්, එම නිසා නැවත ජාතිවාදි ප්‍රශ්ණ හෝ දේශපාලන සටන් පාඨ රැගෙන යාපනයේ ජනතාවට සම්මන්ත්‍රණ තැබිමට ඉඩ නොදෙන බවට යාපනය ජනතාව පවසා ඇත.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සෙල්වරාසා මහතා..
    අපිට කන්න අදින්න ටික ගන්න අපි හම්බ කරගන්නවා.. අපිට ඡන්දයක් ආවම අපි අපිට අවශ්‍ය කෙනො පත් කරගන්නම්.. පාසැල් ගොස් අවසන් වෙලා විශ්ව විද්‍යාලයට ගිය පොඩි ළමයින්ගෙන් උපදෙස් ගන්න තරම්, අපි මෝඩ නෑ.. සමහර විට ඔයාලගෙන් උපදෙස් ගන්න දකුණෙ අය ඉන්නවා ඇති.. ඒ අයට ගිහිං සම්ම්ත්‍රණ පවත්වන්න, ආර්ථිකය සහ දේශපාලනය ගැන කතා කරන්න කලින් ඉගෙන ගෙන උපාධිය කරගන්න..

    විශ්ව විද්‍යාල සිසුන් යනු ?
    ශ්‍රි ලංකාව තුල වසර 12 ක කාලයක් පාසැල් නිදහස් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපන දරුවෙකු යන රටේ ධනයෙන් විශාල මුදලක් වැය කර රටේ ආනගතය වෙනුවෙන් යහපත් දෙයක් කිරිමට කරන්නා වූ රටේම ආයෝජනයකි. එම සංකල්පය මූලික කරගනිමින් රටේ පමණක් නොව ලොව පුරාම තම රටේ අධ්‍යාපනයේ පිරිපුන් ජනතාවක් බිහි කිරිමට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරනු ලබයි.නමුත් ඇතැම් පිරිස් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබා විශ්ව විද්‍යාලයට ගියද ශිෂ්‍ය සංගම් සහ ව්‍යාපාර හරහා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් අතකොළු බවට පත්විම ඉතා ඛේදනීය තත්වයකි, එය පුද්ගලිකව තම අනාගතය අඳුරු කර ගැනිමක් වන අතර රටේ අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට තිබෙන ආයෝජනයක අපතේ යෑමකි.මේ තාක් ශ්‍රි ලංකාව තුල ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක වූයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ගැටළු මුල්කරගනිමින්ය එය විශ්ව විද්‍යාලයේ කැන්ටිමෙන් දෙන කෑම වේලේ පටන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම දක්වා වන දේශපාලන මැදිහත්වීම් සහ අයවැය යෝජනාවලින්යන් දක්වාද අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීම් වැන් කරුණු වෙනුවෙන් ශිෂ්‍යන් පෙළගැස්වීම දක්වාද සිදුකරනු ලැබීය.වෙනදාට ලිප්ටන් වටරවුමේ, කොටුව දුම්රියපොල ඉදිරිපිට හරියටම හවස 5 වන විට විරෝධතාවය දක්වන ශිෂ්‍ය ව්‍යාපාර දැඩි ලෙස රථවාහන තදබදයට සහ මගී ජනතාව අපහසුතාවයට පසුවන ලෙස කටයුතු කරනු ලැබීවද එය අධ්‍යාපන අයිතින් වෙනුවෙන් කරන සටනක් නිසා ඊට එරෙහි නොවි සිටීමට සාමන්‍ය ජනතාව කටයුතු කරනු ලැබුවේ “හරි මල්ලි අවුලක් නෑ, අපේ දරුවන්ගෙත් අනාගතය වෙනුවෙන්නේ ඔයාලා මේ නහින්නේ” යනුවෙන් නොකිවත් එම අදහස පෙරදැරිකරගෙනයි.

    විශ්ව විද්‍යාල සිසුන්ගේ දිශානතිය
    නමුත් මෑතකදි පටන් ශ්‍රී ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරවල දිශානතිය වෙනස් කර දේශාපාලන පක්ෂවල සටන් පාඨ පෙරටුකරගනිමින් කටයුතු කිරිමට ශිෂ්‍ය ව්‍යාපාර පෙළ ගැසී ඇත. එහි ප්‍රධාන කරුණු ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, ත්‍රස්ථවාදය වැලැක්විමේ පනත අහෝසි කිරීම වැනි ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යන කටයුතු වලට කිසිදු බාධාවක් නොවන රටේ ස්වරීභාවය වෙනුවෙන් පනවා ඇති ප්‍රථිපත්ති වෙනස් කිරීමට ආණ්ඩුවට බල කෙරන සටන් පාඨයි.සාමාන්‍ය ජනාතාව ලෙස බැලූ විට මෙය හුදෙක්ම ශිෂ්‍ය ව්‍යාපාර අතකොළුවක් බවට පත් කර ගනිමින් කටයුතු කරන බවට පෙනියයි. දේශපාලන සිරකරුවන් හෝ සාමාන්‍ය සිරකරුවන් මේ කොයි ආකාරයට ලේබල් ඇලෙව්වත් සිරකරුවන්ය එනම් යම් කිසි වරදකට උසාවියක් මගින් ලබා දුන් තින්දුවක් මත හෝ වරදක් කිරිමට සම්බන්ධ හෝ සැකපිට තබා ගන්නා රටේම පුරවැසියන්ය. එම නිතිමය රාමුවට බාධා කිරීමට හෝ ඔවුන් නිදහස් කිරිමට ඉල්ලා සිටීමට ශිෂ්‍ය ව්‍යාපාර ලෙස ඇති අයිතිය කුමක්දැයි ජනතාව ප්‍රශ්ණ කර සිටියි. මන්ද යත් අවුරුදු 18 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පත සාදාගත් පමණින් රටේ පුරවැසියෙකු වෙනවා යැයි සිතා සිටින ඔවුන් රටේ ජනතාවගේ බදුමුදලින් අධ්‍යපානය ලබා රටේ අභිවාද්ධියට කිසිවක් නොකර තැන තැන උද්ඝෝෂන කර කර සිටින නිසාය.ඔබව විශ්ව විද්‍යාලය දක්වා ගෙන යෑමට රටේ ජනතාව බදුමුදල් විශාල ලෙස ලබා දි තිබෙනවා. ඊට ඔබ ණයගැතියි. අධ්‍යාපනය අයිතියක් නම් ඔබේ යුතුකමද ඉටු කරන්න යැයි ජනතාව ඔබට මකත් කර දෙමින් සිටින බව පෙනි යයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,446 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026029 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.