Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඟුරුවාතොට ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
    Featured

    අඟුරුවාතොට ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    By LFNMarch 24, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බව කියන ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    සැකකරු අදාළ ඝාතනය සිදුකළ දින හැඳ සිටි බව කියන ඇඳුම් පැළඳුම් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම සැකකරුගේ පියා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට සම්බන්ධ බව කියන මව සහ සොහොයුරෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

    ඉකුත් 17 වනදා බටගොඩ ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව මඟ රැක සිටි සැකකරුවන් විසින් මංගල ප්‍රේමවර්ධන නමැති 36 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර පහරදී ඝාතනය සිදුකර තිබුණි.

    එම ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය සොයා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවද පොලිස් නිලධාරියෙකු පැවසීය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.