Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරුන් ට වැදගත් නිවේදනයක්
    Featured

    ගුරුවරුන් ට වැදගත් නිවේදනයක්

    By LFNMarch 21, 2023Updated:March 21, 2023No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) දිනයේ තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවය.

    පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    “2020, 2021, 2022 යන වසර තුනේ යම් යම් හේතුන් මත එකතුවීමෙන් තුනම එකවර ගත්තා. ඒ අනුව මුළු මාරුවීම් ප්‍රමාණය 8,893ක් අනුමත කරලා තියෙනවා මාරු මණ්ඩලය මගින්. මෙයින් ප්‍රාථමික අංශයේ ගුරුවරු 6871ක් අනුමත කරලා තියෙනවා. එයින් 388ක් තැපැල් කරලා තිබුණා. ඉතුරු ලිපි ටික අද තැපැල් කරනවා. දළ වශයෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් තමා ඉන්නේ වසර 10කට වැඩි අනිවාර්ය මාරුවීම්. ඒ ගුරුවරු සමහරු පාසල්වල අපිට දැනුම්දුන්නා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දැනට තියෙන විදියට මැයි මාසයේ නිසා, සමහරවිට සතියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර පරීක්ෂාව එක්ක. ඒ දරුවන්ට අවාසන කාලපරිච්ඡේද තුළ උගන්වන ගුරුවරු මේ අවස්ථාවේ මාරුකිරීමෙන් දරුවන්ට අගතියක් වෙනවා කියලා.

    ඊළඟට උසස් පෙළ දෙවන වසරේ එ් අයගෙත් අවසන් වාර දෙක වගේ දැන් යන්නේ. උසස් පෙළ ප්‍රතිඵල දීලා මාස 5කින් වගේ ඔක්තෝබර් හෝ නොවැම්බර් වගේ බොහෝදුරට පැවැත්වීමට ඉඩ තියෙනවා. ඒ දරුවන්ට උගන්වන ගුරුවරු සංඛ්‍යාවක් ඉන්නවා. මේ හේතුව නිසා ඒ අයට අවස්ථාවක් දෙන්න කියලා අභියාචනා කළා. එවැනි දරුවන්ට බලපාන ගුරු මාරුවීම් තියෙනවා නම් අභියාචනා මණ්ඩලය මගින් එවැනි ඒවා යම් කාලයකට පස්සට දාලා ඊට පස්සේ ඒ මාරුවීම් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඊයේ හවස වෙද්දි එකඟතාවයක් ඇති වෙලා ඒ ඇපීල් කරන ගුරුවරු හැර, O/L හා A/L දැනට උගන්වන ගුරුවරු හැර අනෙක් සාමාන්‍ය විදියට කරපු ගුරු මාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමටත් දැනට තීන්දු කරලා තියෙනවා. මේ සතිය ප්‍රමාද වුණ නිසා ප්‍රාථමික ගුරුවරුන්ගේ ලියුම් අද අනිවාර්යෙන්ම තැපැල් කරනවා 681න් ඉතුරු ටික. මාරු මණ්ඩලය තුළදී සාකච්ඡා කරලා ඔවුන් දිනය තීන්දු කරනවා බොහෝ විට අප්‍රේල් 17 නිවාඩුවෙන් පස්සේ තීන්දුව ගනිවී. මේ වෙද්දි මේ ප්‍රශ්නය අපි විසඳගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 20250119 Views

    නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක…

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.