Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරුන් ට වැදගත් නිවේදනයක්
    Featured

    ගුරුවරුන් ට වැදගත් නිවේදනයක්

    By LFNMarch 21, 2023Updated:March 21, 2023No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) දිනයේ තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවය.

    පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    “2020, 2021, 2022 යන වසර තුනේ යම් යම් හේතුන් මත එකතුවීමෙන් තුනම එකවර ගත්තා. ඒ අනුව මුළු මාරුවීම් ප්‍රමාණය 8,893ක් අනුමත කරලා තියෙනවා මාරු මණ්ඩලය මගින්. මෙයින් ප්‍රාථමික අංශයේ ගුරුවරු 6871ක් අනුමත කරලා තියෙනවා. එයින් 388ක් තැපැල් කරලා තිබුණා. ඉතුරු ලිපි ටික අද තැපැල් කරනවා. දළ වශයෙන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් තමා ඉන්නේ වසර 10කට වැඩි අනිවාර්ය මාරුවීම්. ඒ ගුරුවරු සමහරු පාසල්වල අපිට දැනුම්දුන්නා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දැනට තියෙන විදියට මැයි මාසයේ නිසා, සමහරවිට සතියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර පරීක්ෂාව එක්ක. ඒ දරුවන්ට අවාසන කාලපරිච්ඡේද තුළ උගන්වන ගුරුවරු මේ අවස්ථාවේ මාරුකිරීමෙන් දරුවන්ට අගතියක් වෙනවා කියලා.

    ඊළඟට උසස් පෙළ දෙවන වසරේ එ් අයගෙත් අවසන් වාර දෙක වගේ දැන් යන්නේ. උසස් පෙළ ප්‍රතිඵල දීලා මාස 5කින් වගේ ඔක්තෝබර් හෝ නොවැම්බර් වගේ බොහෝදුරට පැවැත්වීමට ඉඩ තියෙනවා. ඒ දරුවන්ට උගන්වන ගුරුවරු සංඛ්‍යාවක් ඉන්නවා. මේ හේතුව නිසා ඒ අයට අවස්ථාවක් දෙන්න කියලා අභියාචනා කළා. එවැනි දරුවන්ට බලපාන ගුරු මාරුවීම් තියෙනවා නම් අභියාචනා මණ්ඩලය මගින් එවැනි ඒවා යම් කාලයකට පස්සට දාලා ඊට පස්සේ ඒ මාරුවීම් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඊයේ හවස වෙද්දි එකඟතාවයක් ඇති වෙලා ඒ ඇපීල් කරන ගුරුවරු හැර, O/L හා A/L දැනට උගන්වන ගුරුවරු හැර අනෙක් සාමාන්‍ය විදියට කරපු ගුරු මාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමටත් දැනට තීන්දු කරලා තියෙනවා. මේ සතිය ප්‍රමාද වුණ නිසා ප්‍රාථමික ගුරුවරුන්ගේ ලියුම් අද අනිවාර්යෙන්ම තැපැල් කරනවා 681න් ඉතුරු ටික. මාරු මණ්ඩලය තුළදී සාකච්ඡා කරලා ඔවුන් දිනය තීන්දු කරනවා බොහෝ විට අප්‍රේල් 17 නිවාඩුවෙන් පස්සේ තීන්දුව ගනිවී. මේ වෙද්දි මේ ප්‍රශ්නය අපි විසඳගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.