Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවයි
    Featured

    දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවයි

    By LFNMarch 21, 2023No Comments2 Mins Read232 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවය.

    පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේ.

    කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

    ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

    එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

    මේ අතර පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට ලිඛිතව පිළිතුරු ලැබී ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය.

    ඇය සදහන් කළේ, අදාළ ඉල්ලීම් සියල්ල මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවය.

    පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන රජයේ මුද්‍රණාලය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව ඉල්ලීම් සිදුකර තිබුණි.

    අදාළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා දිනයේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ එම සියලු ඉල්ලීම් අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවය.

    මීට අමතරව මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන අවස්ථාවේ අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ සඳහා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට දින 03කට පෙර දැනුම් දෙන ලෙසත් පොලිස්පතිවරයා විසින් රජයේ මුද්‍රණාලය දැනුවත් කර තිබේ.

    අදාළ දැනුම් දීම ලිඛිතව සිදුකර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

    මේ අතර පළාත් පාලන මැතිවරණයට මුදල් ලබානොදීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

    එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත භාණ්ඩාගාර ලේකම්වරයාට නඩු පැවරීමට කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.