Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමක්
    Featured

    මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ සූදානමක්

    By LFNMarch 19, 2023No Comments1 Min Read245 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට මේ බව දැනුම් දී තිබේ.

    එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 මාර්තු මස 7 වන දින මැතිවරණ කොමිසම විසින්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් 2023 මාර්තු මස 14 වන දින සිට කොටස් වශයෙන් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවය.

    එසේ වුවද 2023 පෙබරවාරි 13 වනදා එළඹුණු කැබිනට් තීරණයක් අනුව අවශ්‍ය මුදල් නිකුත් කළ නොහැකි බවත්, මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිතුරු ලිපියක් මඟින් කොමිසමට දැන්වූ බව එම ලිපියෙහි සඳහන් වෙයි.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව මුදල් සීමා කිරීමට ගත් කැබිනට් තීරණයේ විස්තර සහ ඒ සමගම මුදල් නිකුත් කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවද එහි දැක්වෙයි.

    මේ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලිපියෙන් පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.