Close Menu
Lanka Focus News
    What's Hot

    හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනිය
    Featured

    මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනිය

    By LFNMarch 18, 2023No Comments2 Mins Read287 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබේ.

    මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

    ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.

    මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගන යාමේ අර්බුදයක්ද මතුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.

    පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සඳුදා දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද ඇය සඳහන් කළාය.

    කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවය.

    මේ අතර පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

    ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට භාර දිය යුතුය.

    එමෙන්ම එම ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු පළමුවනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේය.‍

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,456 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,413 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,615 Views
    Don't Miss

    හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ

    August 5, 202605 Views

    අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06)…

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.