Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගහපු ඡන්ද පත්‍රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ
    Featured

    ගහපු ඡන්ද පත්‍රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ

    By LFNMarch 17, 2023No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද (17)දැනුම් දුන්නාය.

    දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.

    දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පැවසුවාය.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බවද ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල යම් කිසි හේතුවකින් ඒ මැතිවරණය අවලංගු කෙරුණහොත් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසයි.

    එහෙත් උපදෙස් පත්‍රිකා සහ පෝරම පමණක් වෙනත් මැතිවරණවලට යොදාගත හැකි බවද සඳහන් කළේය.

    මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මුදල් ලබා දෙනතුරු ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ( 16) දැනුම් දුන්නාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.