Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙලදසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය වල සම්පල් ලබා ගැනේ
    Featured

    ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙලදසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය වල සම්පල් ලබා ගැනේ

    By LFNMarch 17, 2023No Comments2 Mins Read247 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙලදසැල සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද දින සිදු කරනු ලැබුවා.

    රත්නපුර එරත්න ශ්‍රි පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවිමත් සමග රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන පරික්ෂණයකට යොමු කිරිම සදහා නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ වෙලදසැල් සහ සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබාගත් බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.බාස්කරන් මහතා කියා සිටියේ.

    අද දින ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය සාම්පල් අද දිනම රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පරික්ෂණ කටයුතු සදහා යොමු කරන බව බාස්කරන් මහතා කියා සිටිහ.

    දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන , පානිය ජලය වෙලදසැල්වලින් ලබා දිම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධික්ෂණය කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

    ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල යටතේ පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වලින් සතියකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පස්දෙනෙකු බැගින් අනුයුක්ත කලද එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මසකට ලබාදෙන අතිකාල දිමනා පැය 100 ක් කප්පාදු කිරිම හේතුවෙන් දැනට මාසයක පමණ කාලයක සිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම සේවා කටයුතු වලින් ඉවත් වි සිටියි.

    පවත්නා තත්ත්වය මත හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ ආහාර පාන , පානිය ජලය ඇතුළු සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිමට නල්ලතන්නියේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පමණක් සේවයේ යෙදි සිටින බවත්, එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පමණක් එම කාර්ය සම්පුර්ණයෙන්ම ආවරණය කිරිමට නොහැකි විමේ තත්ත්වයක් උද්ගත වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

    මේ අතර මේ රෝගියා හමුවිම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය විමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක් ඇති බවත්, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ආහාර පාන ලබාදිමට පියවර ගෙන ඇති බවයි නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන් කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.