Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මඩ පොහොර නෞකාවක් දිවයිනට
    Featured

    මඩ පොහොර නෞකාවක් දිවයිනට

    By LFNMarch 16, 2023No Comments1 Min Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ.

    එම නෞකාව මඟින් මඩ පොහොර මෙ.ටො 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර ලබා දී තිබේ.

    2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.

    ඒ අනුව වගා කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය වේ.

    ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර ) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදුකෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.