Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වර්ජනය නොකළ සෞඛ්‍ය සේවකයෝ අගයති
    Featured

    වර්ජනය නොකළ සෞඛ්‍ය සේවකයෝ අගයති

    By LFNMarch 16, 2023No Comments2 Mins Read242 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව මේ වන විට බොහෝ වෘත්තීය සංගම් මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වන බවත්, එම පිරිස දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවත් පැවසූ අමාත්‍යවරයා, මෙම පිරිස් පිළිබඳව සොයා බලා විශේෂ ඇගයීමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව වෘත්තීය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව සොයාබලා ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    රට ඉදිරියට යන මෙවැනි අවස්ථාවක යම් යම් දේශපාලනික කණ්ඩායම් හා වෘත්තීය සංගම් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් මා මෙන්ම සෞඛ්‍ය සේවාවට ඉතාමත් ද්වේශ සහගතව අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ විනාශකාරී දේශපාලනික ගමන්මග පෙන්නුම් කළද එම අභූත චෝදනාවන්ට මුහුණට මුහුණලා සදාචාරාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    දශක තුනක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී රණවිරුවන් මෙන්ම රටෙහි ජනතාව තුළ තිබූ ඉහළ කැපවීම නිසාවෙන් එය සාර්ථකව පරාජය කිරීමට හැකිවූ බවද විශේෂයෙන් කොවිඩ් ව්‍යසන සමයේ සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සැවොම දැක්වූ කැප කිරීම නිසා එය සාර්ථකව පාලනය කිරීමට හැකි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක් වූ යැයි හෙතෙම පෙන්වා දෙයි.

    ඒ අනුව වර්තමානයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට මේ වනවිට පත්වෙමින් තිබෙන බව ද ඒ වෙනුවෙන් සමස්ත සෞඛ්‍ය සේවාවේ කැපවීම තවදුරටත් අත්‍යවශ්‍ය බවද මේ වෙනුවෙන් කැප වන සෑම දෙනාම ජාතිය ප්‍රණාමයට ලක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.