Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රියෙන් කාර්යාලවලට යන අයට නිවේදනයක්
    Featured

    දුම්රියෙන් කාර්යාලවලට යන අයට නිවේදනයක්

    By LFNMarch 15, 2023No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටින අද දෙරණ වාර්තාකරු පැවසුවේ දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගන්නා බවත් එහි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

    මේ අතර දුම්රිය සේවය අඛණ්ඩ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) රාත්‍රී නිවේදනය කළේය.

    කාර්යාලීය දුම්රිය 13ක් අද උදෑසන ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වුණි.

    අවිසාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අළුත්ගම සහ දකු ණු කළුතර සිට කොළඹ දක්වා එම දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන් විය.
    නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (15) ක්‍රියාත්මක කළ හැක්කේ කාර්යාල දුම්රිය 10ක පමණක් බවය.

    වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (15) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධනයට සහ අනෙකුත් පීඩාකාරී තීරණවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

    සෞඛ්‍ය, වරාය, විදුලිබල, බැංකු, ජලසම්පාදන, තැපැල් සහ අධ්‍යාපන ඇතුළු කේෂ්ත්‍ර රැසක වෘත්තීය සමිති මෙම වර්ජනයේ නිරත වෙයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද පෙරවරු 8.00 සිට සෑම රජයේ රෝහලකම වෛද්‍යවරු වර්ජනයේ නිරතවන බවය.

    කෙසේ වෙතත් මෙම වර්ජනයට තම සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

    වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ තම වෘත්තීය සමිතියද අද පැවැත්වෙන වර්ජනයට සහාය ලබාදෙන බවය.

    ලංකා ගුරු සංගමයද අද වර්ජනය සඳහා එක්වන බව එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

    අද දියත්කර ඇති වර්ජනයට ඛනිජ තෙල් සේවකයින් සහාය නොදක්වන බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් මහතා පවසයි.

    දුම්රිය රියදුරන්ගේ සංගමයද වර්ජනයට සහාය දක්වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කේ. යු. කොන්තසිංහ මහතා පැවසීය.

    කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ තම සංගමය වර්ජනයට සහය නොදෙන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.