Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී
    Featured

    බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී

    By LFNMarch 12, 2023No Comments2 Mins Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

    අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

    කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ”මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී එම බිළිඳා පසුගිය 10 වනදා රාත්‍රියේ සොයාගත්තේය.

    බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත
    වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.

    ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගැණුනි.

    මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තාවීමත් සමග බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී තිබුණි.

    එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගියේ එම කාන්තාව සොයාගැනීම සඳහාය.

    ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කරගැනීමට පොලීසියට හැකිවිය.

    අනතුරුව බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.