පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි චීවරධාරීන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලෙීසිය පැවසුවේ ඔවුන් සතුව තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 58 හැවිරිදි ගන්නෝරුව ප්රදේශයේ විහාරස්ථානයක චීවරදාරීන් දෙදෙනෙකි.
සැකකරුවන් මහනුවර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ.