Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් මිනිස් ඡාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි
    Featured

    තවත් මිනිස් ඡාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

    By LFNFebruary 26, 2023No Comments2 Mins Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි හි ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කර යවන කූඨ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු මහනුවර සාමදාන ආයතනය විසින් හෙළි කරගෙන තිබේ.

    එම ජාවාරමට හසුවී නැවත මෙරටට පැමිණි කාන්තාවන් පිරිසක් මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම රටවල දී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළහ.

    ඒ අනුව මේ මිනිස් ජාවාරම්කරුවෝ දිවයින පුරා දුගී පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි හි රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලු ලියකියවිලි වංචනිකව සාදා සිරියාවට යවන බව අනාවරණය වී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කතුන් 100කට ආසන්න පිරිසක් සිරියාවේ දහදුක් විඳිමින් සිටින බවත් වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස් ගණනක් මේ ජාවාරමට හසුව සිරියාවේ රැඳී සිටින බවත් එම කාන්තාවන් පවසයි.

    එම කාන්තාවන් පවසන්නේ දෛනිකව පැය 22ක් පමණ තමන්ගෙන් සේවය ලබා ගන්නා අතර මාස කිහිපයක් යනතුරුත් වැටුපක් නොගෙවූ බවය.

    එලෙස හිරිහැරයට ලක්වු කාන්තාවක්,

    “ඒ ඒජන්සිය තියෙන්නේ මරදානේ. 11 මාසේ 13 මට සිරියාවට යන්න ටිකට් එක තියෙනවා කිව්වා. මම කිව්වා එහෙම රටක් දන්නේ නෑ කියලා. එහෙ ගිහින් මම වැඩ කරා. එහෙ ගිහින් වැඩකරද්දි මාස තුනකින් පඩි ගෙවන්න බෑ කිව්වා. මම කිව්වා ගෙදරට සල්ලි යවන්න ඕනේ කියලා. එහෙම කිව්වහම ඒ මනුස්සයා මට පයින් ගැහුවා. කනටත් ගැහුවා. ගහලා සයිලන්සර් එකෙන් මගේ අත පිච්චුවා. මට කිව්වා ඔයා ගැහුවා කිව්වොත් අපි පොලීසියට භාරදෙනවා කිව්වා ගෙදර බඩු හොරකම් කරා කියලා. අත බයික් එකේ සයිලන්සර් එකට පිච්චුවා. පිට පිච්චුවා කොණ්ඩ අයන් කරන මැෂිමෙන්. අත කැඩිලා තියෙන්නේ. ගැහුවා කියලා කියන්න එපා කිව්වා. මාත් එක්ක ගිය ළමයි 50ක් විතර ඉන්නවා. දෙමළ අය තමා ගොඩක් ම ඉන්නේ. අපි ගියදාම කිව්වා වැඩ කරේ නැත්නම් වෙඩි තියනවා කිව්වා….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.