Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් මිනිස් ඡාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි
    Featured

    තවත් මිනිස් ඡාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

    By LFNFebruary 26, 2023No Comments2 Mins Read287 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි හි ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කර යවන කූඨ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු මහනුවර සාමදාන ආයතනය විසින් හෙළි කරගෙන තිබේ.

    එම ජාවාරමට හසුවී නැවත මෙරටට පැමිණි කාන්තාවන් පිරිසක් මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම රටවල දී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළහ.

    ඒ අනුව මේ මිනිස් ජාවාරම්කරුවෝ දිවයින පුරා දුගී පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි හි රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලු ලියකියවිලි වංචනිකව සාදා සිරියාවට යවන බව අනාවරණය වී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කතුන් 100කට ආසන්න පිරිසක් සිරියාවේ දහදුක් විඳිමින් සිටින බවත් වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස් ගණනක් මේ ජාවාරමට හසුව සිරියාවේ රැඳී සිටින බවත් එම කාන්තාවන් පවසයි.

    එම කාන්තාවන් පවසන්නේ දෛනිකව පැය 22ක් පමණ තමන්ගෙන් සේවය ලබා ගන්නා අතර මාස කිහිපයක් යනතුරුත් වැටුපක් නොගෙවූ බවය.

    එලෙස හිරිහැරයට ලක්වු කාන්තාවක්,

    “ඒ ඒජන්සිය තියෙන්නේ මරදානේ. 11 මාසේ 13 මට සිරියාවට යන්න ටිකට් එක තියෙනවා කිව්වා. මම කිව්වා එහෙම රටක් දන්නේ නෑ කියලා. එහෙ ගිහින් මම වැඩ කරා. එහෙ ගිහින් වැඩකරද්දි මාස තුනකින් පඩි ගෙවන්න බෑ කිව්වා. මම කිව්වා ගෙදරට සල්ලි යවන්න ඕනේ කියලා. එහෙම කිව්වහම ඒ මනුස්සයා මට පයින් ගැහුවා. කනටත් ගැහුවා. ගහලා සයිලන්සර් එකෙන් මගේ අත පිච්චුවා. මට කිව්වා ඔයා ගැහුවා කිව්වොත් අපි පොලීසියට භාරදෙනවා කිව්වා ගෙදර බඩු හොරකම් කරා කියලා. අත බයික් එකේ සයිලන්සර් එකට පිච්චුවා. පිට පිච්චුවා කොණ්ඩ අයන් කරන මැෂිමෙන්. අත කැඩිලා තියෙන්නේ. ගැහුවා කියලා කියන්න එපා කිව්වා. මාත් එක්ක ගිය ළමයි 50ක් විතර ඉන්නවා. දෙමළ අය තමා ගොඩක් ම ඉන්නේ. අපි ගියදාම කිව්වා වැඩ කරේ නැත්නම් වෙඩි තියනවා කිව්වා….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 20260114 Views

    පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව…

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.