Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් අක්‍රමිකතාවක් ගැන විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්
    Featured

    තවත් අක්‍රමිකතාවක් ගැන විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

    By LFNFebruary 26, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම මිලදී නොගැනීම තුළින් රජයට බරපතල අවාසියක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

    එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවය.

    මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රේල් 06 වන දින සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණි.

    අදාළ ගිවිසුම අවසන් වූ පසු 2016 මාර්තු 23 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

    කෙසේවෙතත් එම බලාගාරය මිලදී ගැනීම සඳහා රජයේ තක්සේරුකරු විසින් එහි වටිනාකම රුපියල් මිලියන 2,370ක් ලෙස ගණනය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    එහෙත් බලාගාරයේ හිමිකරු විසින් එය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 2,446ක මිලක් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බැවින් එය මිලදී නොගැනීමට තීරණය කර තිබේ.

    නිවැරදිව තක්සේරුව සිදුකළේනම් බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 4,176කට ආසන්න අගයක් විය යුතු බවට විගණනය මගින් නිරීක්ෂණය වී ඇති බව අනාවරණය වේ.

    අදාළ බලාගාරය මිලදී ගැනීමකින් තොරව 2016 වර්ෂයේ සිට විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගතව ඇති අතර එමගින් විශාල මුදලක් සමාගම වෙත ගෙවීමට සිදුව ඇති බව වාර්තා විය.

    රජයේ තක්සේරුකරු විසින් අදාළ සමාගම තක්සේරු කිරීමේදී අවධානයට ලක්කළ යුතු කරුණු සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් නිවැරදි තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් ලැබී ඇති බවට විගණනය මගින් හෙළිවී තිබේ.

    මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සුදුසු පියවර ගැනීම සිදුකළ යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.