Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වකුගඩු සහ අවයව බද්ධ කිරීම් නවතී ද?
    Featured

    වකුගඩු සහ අවයව බද්ධ කිරීම් නවතී ද?

    By LFNFebruary 26, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ කටයුතු මේ වන විට අකර්මණ්‍ය වී ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ වකුගඩු, අක්මා ඇතුළු අවයව බද්ධ කරනු ලබන රෝගීන්ගේ ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යවල පවතින විශාල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවය.

    මේ හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ඉතා සීමිත ලෙස බව වාර්තා වේ.

    මසකට වකුගඩු හා අවයව බද්ධ කිරීම් සිදුකරනු ලබන රෝගීන්ගේ සාම්පල් 200ත් 250ත් අතර ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත එවනු ලබයි.

    එම සාම්පල්වලට අදාළ ජාන හඳුනාගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී එක් සාම්පල පරීක්ෂාවකට රුපියල් 175,000ක මුදලක් වැයවන බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළේය.

    සාම්පල් පරීක්ෂා කර අදාළ රෝහල් වෙත වාර්තාවක් නිකුත් කිරීම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන අතර මේ වන විට අත්‍යවශ්‍ය සහ අනිවාර්යයෙන් බද්ධ කිරීමක් සිදුකරනු ලබන සහතික කළ රෝගීන්ගේ සාම්පල් පමණක් සීමා සහිතව පරීක්ෂා කරන බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

    පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍ය හිඟය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ රසායනික ද්‍රව්‍යවලට අදාළව මිලියන 600ක පමණ හිඟ මුදලක් සැපයුම්කරුට ගෙවීමට ද ඇති බවට වාර්තා වෙයි.

    මේ හේතුවෙන් අදාළ සැපයුම්කරු හිඟ මුදල ගෙවන තෙක් සැපයුම් ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.

    මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් බැවින් අදාළ රසායන ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළේය.

    එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවතින රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් හා සැසඳුම් පරීක්ෂණ නතර කිරීමට සිදුවනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 20260114 Views

    පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව…

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.