Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීනය තවමත් එකඟතාවය දී නැහැ – ජනපති
    Featured

    චීනය තවමත් එකඟතාවය දී නැහැ – ජනපති

    By LFNFebruary 22, 2023No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ අනුව, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

    තවද මෙරට ප්‍රධාන ණයහිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමග වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වනවිට පැරිස් සමාජය සහතික වී ඇති බවය.

    මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළකර නොමැති බවද ජනාධිපතිවරයා පැවසීය.

    කෙසේ වුවද එළඹෙන 23 වනදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වෙන ජී- 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    මේ අතර වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 20260118 Views

    සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව…

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026

    පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.