Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ
    Featured

    නීතිවිරෝධීව වාහන අමතර කොටස් ගෙන්වුවොත් වෙන දේ

    By LFNFebruary 20, 2023No Comments1 Min Read320 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී අද (20) සිදුකෙරුණි.

    එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බව රේගුව සඳහන් කළේය.

    එම වාහන අමතර කොටස් පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ ඒවා බව වාර්තා වෙයි.

    නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ වාහන බඳ කොටස් සහ අමතර කොටස් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ ගබඩාවල තැන්පත් කර තිබුණි.

    ඉන් කොටස් 100ක පමණ ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබීය.

    එම අමතර කොටස් භාවිතයට නුසුදුසු බැවින් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.

    ඒ අනුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් එම අමතර කොටස් තොගය විනාශ කරනු ලැබීය.

    රේගු අධ්‍යක්ෂ ආදායම් (අධීක්ෂණ බලකාය) ඩී.බී.එන්.සමරතුංග මහතා,

    “අපි මෙතනදි අපේක්ෂිත ප්‍රධාන අරමුණ කිහිපයක් තියෙනවා. පළමු එක තමයි මහජන ආරක්ෂාව සැලසීම, දෙවැනි එක වශයෙන් වන්නේ අපේ ගබඩා හිස්කර ගැනීම ඉන් අනතුරුව ලැබෙන සියලු ආදායම රාජ්‍ය ආදායමට බැර කිරීම ප්‍රයෝජනයට ගත හැකි සියලුම කොටස් අපි ගලවා වෙන්කෙරුවා. ඒවා අපි ටෙන්ඩර් සේල් එකේ විකුණනවා. ඒ ආදායමත් අපි රාජ්‍ය ආදායමට බැර කරනවා. මෙවැනි දේවල් ගෙන්වුවොත් කිසිම ලෙසකින් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 20250117 Views

    2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා…

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.