Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශෝචනීය පුවතක් – දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් කැඩීමට ගසට නැග්ග මව වැටී මරුට
    Featured

    ශෝචනීය පුවතක් – දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් කැඩීමට ගසට නැග්ග මව වැටී මරුට

    By LFNFebruary 20, 2023No Comments2 Mins Read355 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන්ගේ කුසගිනි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසෙන් වැටී මියයෑමේ ශෝචනීය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය.

    එසේ මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නමැති 50 හැවිරිදි සිව් දරු මවකි.

    ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකුම පාසල් යන වයසේ සිටින අය ය.

    ශාන්තිගේ සැමියා පිරිසිඳු කරන පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.

    මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය වී තිබේ.

    සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයා ගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්ත්වයක ඔවුන් සිට ඇති බව වාර්තා වෙයි.

    බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස්, පොළොස් සොයාගැනීම එම මව විසින් සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සඳහා යමක් සොයමින් සිටින අතර නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත.

    දිගු රිටකට පිහියක් බැන්ද ද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී ඇති අතර ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ කොස් ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත.

    සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වූ බැවින් දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ.

    ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ඇත.

    පසුව ගම්වාසීන්ගේ සහාය ඇතිව ඇය ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත.

    රෝහලට රැගෙනවිත් දින පහක් පමණ ප්‍රතිකාර ලැබූව ද ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.