Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශෝචනීය පුවතක් – දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් කැඩීමට ගසට නැග්ග මව වැටී මරුට
    Featured

    ශෝචනීය පුවතක් – දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් කැඩීමට ගසට නැග්ග මව වැටී මරුට

    By LFNFebruary 20, 2023No Comments2 Mins Read354 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන්ගේ කුසගිනි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසෙන් වැටී මියයෑමේ ශෝචනීය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය.

    එසේ මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නමැති 50 හැවිරිදි සිව් දරු මවකි.

    ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකුම පාසල් යන වයසේ සිටින අය ය.

    ශාන්තිගේ සැමියා පිරිසිඳු කරන පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.

    මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය වී තිබේ.

    සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයා ගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්ත්වයක ඔවුන් සිට ඇති බව වාර්තා වෙයි.

    බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස්, පොළොස් සොයාගැනීම එම මව විසින් සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සඳහා යමක් සොයමින් සිටින අතර නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත.

    දිගු රිටකට පිහියක් බැන්ද ද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී ඇති අතර ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ කොස් ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත.

    සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වූ බැවින් දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ.

    ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ඇත.

    පසුව ගම්වාසීන්ගේ සහාය ඇතිව ඇය ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත.

    රෝහලට රැගෙනවිත් දින පහක් පමණ ප්‍රතිකාර ලැබූව ද ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260123 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.