Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට බිත්තර බේකරි වලට විතරයි
    Featured

    රට බිත්තර බේකරි වලට විතරයි

    By LFNFebruary 17, 2023No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට ආනයනය කරන බිත්තර‍ බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ.

    බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය.

    නමුත් පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන්නේය.

    රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ.

    බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත්ය.

    බේකරි වලට ආනයනික බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් (Guidelines ) වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මියට උපදෙස් දුන්නේය.

    බේකරි වල බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම කළ යුතු අතර ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,366 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,305 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 202503 Views

    පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය…

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025

    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය ඇරඹෙයි

    September 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.