Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක්
    Featured

    ඡන්දයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක්

    By LFNFebruary 15, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම සඳහා හෙට (16) දිනයේදී මුදල් අමාත්‍යංශ ලේකම් හා නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

    සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීම නියමිත දිනයේදී සිදු කිරීමට උත්සාහ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදෙනතෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි.

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (15) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

    නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් අද දිනයේදී එම කටයුතු සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (14) නිවේදනය කළේය.

    ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දිනයේදී මුදල් අමාත්‍යංශය ලේකම්වරයා හා එහි නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ එවන් පසුබිමක් තුළය.

    සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

    කෙසේවෙතත් සැලසුම් කළ පරිදි නියමිත දිනවලදී තැපැල් ඡන්දය පැවැත්වීමට උත්සාහ කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260123 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.