Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බීමත් රියදුරා පවුලක්ම යටකරයි
    Featured

    බීමත් රියදුරා පවුලක්ම යටකරයි

    By LFNFebruary 15, 2023Updated:February 15, 2023No Comments2 Mins Read76 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් රෝහල් ගතකර තිබේ.

    එම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙක් බව වාර්තා වේ.

    අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ පිහිටි තුරු සෙවණ නැමැති ස්ථානයේදී මෝටර් රථය රාත්‍රී කාලයේ කාර්මික දෝෂයට ලක්ව තිබෙන අතර පසුව කාර්මික දෝෂය ඇති වූ රථයේ රියදුරුගේ දැනුම්දීමකට අනුව මෝටර් රථ කාර්මිකයකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමග මෝටර් රථය සෑදීමට එම ස්ථානයට පැමිණ ඇති බව කහටගස්දිගිලිය පොලීසිය සඳහන් කරයි.

    එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා තවත් කුඩා දරුවෙක් ඒ අසල සිට ඇති බව මූලික පරීක්ෂණයේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

    මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටි අතරතුර දී, වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඔහු සමග බහින්බස් වී ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

    එම බහින්බස්වීම දුරදිග යාමෙන් පසු වෑන් රථයේ රියදුරා, මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන පැමිණ, කාර්මික දෝෂයට ලක්ව තිබූ මෝටර් රථය අසල සිටි පිරිස යටකර නොනවත්වා ධාවනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

    බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් මෝටර් රථ කාර්මික ශිල්පියා මියගොස් සිටි බවට කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

    බරපතළ තුවාල ලැබූ අනෙක් සිව්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

    රියදුරු කහටගස්දිගිලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ වෑන් රථයේ රියදුරු බීමත්ව වෑන් රථය පදවා ඇති බවය.

    වයස අවුරුදු 38ක් පමණ වන අංක 18 ඩිපෝ වත්ත , කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි පියදාසගේ අමිල රුවන් විරසේකර නැමැත්තා කහටගස්දිගිලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අද දින (15) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.