Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අත්‍යවශ්‍ය බෙහෙත් 150ක තොග අවසන් ?
    Featured

    අත්‍යවශ්‍ය බෙහෙත් 150ක තොග අවසන් ?

    By LFNFebruary 13, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

    වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින තත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවය.

    “රජය රු බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කරනවා කියලා කිව්වත් ඒ මුදල් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධවල ඉඳලා විශේෂයෙන්ම හදිසි අනතුරු සේවාවන් පවතින ඖෂධවල සිට සියලුම ආකාරයේ ඖෂධ වර්ග, විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ වර්ග දක්වා විශාල පරාසයක ඖෂධ දැවැන්ත හිඟ වීමකට ලක්වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල රෝහල්වලින් සපයන්න පුළුවන් ඖෂධ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම අත්‍යවශ්‍ය ඖෂධ 150ක් විතර ප්‍රමාණයක දැවැන්ත හිඟයක් තියෙනවා. මේ මාසය තුළ බොහෝ තොග අවසන් වෙමින් පවතිනවා. මෙම තොග නැවත රැස්කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය බොහෝම අවම මට්ටමක තමා තියෙන්නේ.”

    හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ රැසක හිඟයක් මේ වන විට රටේ උද්ගතව ඇති බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවී කලන්සුරිය මහතා පැවසුවේය.

    “අද වනවිට හෘද රෝගීන් සඳහා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා යොදාගන්නා ඖෂධවල බොහෝ හිඟයක්. ඒ නිසා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා දැනටමත් දීර්ඝ ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා හිටියත් දවසකට කරන හෘද සැත්කම් ප්‍රමාණය දැනට සිදුකරන්න අපහසුවෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කරාපිටිය රෝහල වගේම දිවයිනේ සෑම රෝහලකම හෘද රෝගීන්ගේ සැත්කම් කරන ප්‍රමාණය දැනට නැවතිලා තියෙන මට්ටමක තියෙන්නේ. අපි රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. අනෙකුත් අවශ්‍යතා සපුරනවා කිව්වට ඖෂධවල තියෙන අවශ්‍යතාවය මේ වන තෙක් සපුරාගෙන නෑ.”

    මේ අතර අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට පියවර ගන්නා ලෙස ලබාදී ඇති උපදෙස් ඉදිරියේ දී අයහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත පැවසුවේය.

    “සැලසුම් සහගත ශල්‍යකර්ම නවතා දැමීම හරහා ජනතාව ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඒ වගේම තමා ඒ ශල්‍යකර්ම කල්දැමීම හරහා, ශල්‍යකර්ම අවශ්‍ය වෙලාවට නොකිරීම හරහා යම් මොහොතක අපි ගත්තොත් හර්නියා ශල්‍යකර්මයක් නොකර සිටීම හරහා යම් මොහොතක ඒ රෝගීයාගේ ජීවතය අවදානමට ලක්වෙන් පුළුවන්. ඒ වගේම තව ශල්‍යකර්ම ගණනාවක් තියෙනවා. එවැනිවලට තමයි මේ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැතිනම් ජීවත ආරක්ෂක නොවන ශල්‍යකර්ම කියලා. වචන හරඹයක් සිද්ධකරනවා මේක non-essential නැත්නම් essential නැත්නම් urgent නැත්නම් non-urgent කියලා. ශල්‍යකර්මයක් නොකිරීම හරහා අදාළ පුද්ගලයා ලක්වන මානසික පීඩනය සහ ආතතිය යම් දවසක මේ ශල්‍යකර්ම එකවර කරන්න සිදුවුණොත් ඒ හරහා සිදුවන ගැටලුවට කව්ද වගකියන්නේ ?”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 20260121 Views

    සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව…

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026

    පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.