Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි
    Featured

    ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි

    By LFNFebruary 6, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවය.

    නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද ඔහු පැවසීය.

    “පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ, සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි. නමුත් අවාසනාවන්ත ලෙස මේ වන විට එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඬාල වී තිබෙනවා.සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත විශාල හිඟය මේ වෙද්දි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. එන්නත් අඛණ්ඩ සැපයුමක් නැති නිසා, මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. විශේෂයෙන්ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. කොවිඩ් -19 කාලයේ මාස 5 කට ආසන්න කාලයක් මේ වැඩසටහන අක්‍රීයව තිබුණා.

    එමෙන්ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේම එන්නත් හිඟය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවධානමක් තියෙනවා. මහජනතාවට අපි අනතුරු අඟවනවා, සුනඛ සපාකෑම්වලින් හැකිතරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේම සැක සහිත සුනඛ සපාකෑමක් සිද්ද වුණොත් ළඟම පිහිටි රෝහලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 20260114 Views

    නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි…

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.