Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල්අඟුරු මිලදී ගැනීම අර්බුදයක
    Featured

    ගල්අඟුරු මිලදී ගැනීම අර්බුදයක

    By LFNFebruary 5, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.

    ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ඉදිරි සතිය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවය.

    ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශෙහාන් සුමනසේකර මහතා,

    “සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවයකට ඇවිල්ලා. එම එකඟතාවය තමයි නැව්ගත කිරීමේ දී 30%ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩ බෑමේදී ඉදිරි 70% මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕනේ වුණා.”

    “රුපියල් බිලියන 1.35 ක මුදලක් 30% ක ගෙවීමක් අපි කළා එක නැවකට. හැබැයි අපිට තව නැව් දෙකකට ගෙවීමට තිබුණා. එම ගාස්තු දෙක නියමව තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ ගිය සුමානේ. නමුත් අපිට මේ වනවිටත් ඒක ගෙවන්න වුණේ නෑ. මොකද ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මුදල් අවශ්‍යතාවය සැපරීමට අපොහොසත් වුණ නිසා.”

    “අපිට ඉතාමත් සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා ඉදිරි සුමානයේ දී. පෙබරවාරි 4 සිට පෙබරවාරි 10 වනදා දක්වා රුපියල් බිලියන 10.74ක අවශ්‍යතාවයක් තිබෙනවා. ලබන සුමානෙට ඉදිරි ඇනවුම් සඳහා මුදල් ලෑස්ති කිරීමට. නමුත් පසුගිය සුමානේ ගෙවන්න බැරි වුණ 30% මුදල හා 70% මුදල ඉදිරි සුමානේ මුදලට එකතු වෙනවා.”

    “අපිට ක්ෂණික විසඳුම් ගැනීමට අවශ්‍යයි. මොකද ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටික නැති වෙන්න පුළුවන්.”

    ගල්අඟුරු නැව් 03ක් සඳහා ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් ද යොමුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260116 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.