Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය ගත් අලුත්ම තීරණය
    Featured

    ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය ගත් අලුත්ම තීරණය

    By LFNFebruary 4, 2023No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම වසර දෙකක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් විසින් ඒ බව පවසා ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව චීනය විසින් 2022 සහ 2023 වසරවලදී ගෙවිය යුතු ණය වෙනුවෙන් දිගුවක් ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

    ඒ යටතේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව විසින් බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීම අවශ්‍ය නොවන බව වාර්තා වෙයි.

    මේ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (03) ලිපියක් යොමුකර තිබේ.

    එය, ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ ශ්‍රී ලංකාව පිළිබඳ සහතිකයට සමාන ලිපියකි.

    එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ සාකච්ඡා සඳහා කඩිනමින් සහ ඵලදායි ලෙස සහභාගී වීමට සූදානම් බවය.

    මෙරට ණය තිරසරභාවයක් ස්ථාපිත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා එය සහායක් වනු ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

    එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශවීමට නැවතත් හැකිවනු ඇතැයි ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විශ්වාස කරයි.

    කෙසේනමුත් මෙරට මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ණය තිරසරභාවයද සහතික කළ යුතුව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

    එමෙන්ම 2032 වනවිට රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95% ක් දක්වා අඩුකිරීම, වසර 2027 සිට 2032 දක්වා මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉලක්ක කිහිපයක් ද මෙරට ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260116 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.