Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිහිනුම් තටාකයෙන් හමුවූ ජනප්‍රිය ඇගලුම් ව්‍යාපාරිකයාගේ මරණයේ රහස හෙළි වෙයි
    Featured

    පිහිනුම් තටාකයෙන් හමුවූ ජනප්‍රිය ඇගලුම් ව්‍යාපාරිකයාගේ මරණයේ රහස හෙළි වෙයි

    By LFNFebruary 3, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.

    පරීක්ෂණ කණ්ඩායම් විසින් ඔහුගේ බව කියන මෝටර් රථයක් මීගමුවේ නිවසක ගරාජයක සඟවා තිබී සොයා ගෙන ඇති නමුත්, එය රැගෙන ආ බව කියන යුවළ මේ වන විට විදේශ ගතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මෙම මරණය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බවත්, සැක කරන යුවළ 31 වෙනි දින විදේශගතව ඇති බවටත් පොලීසිය පවසනවා.

    අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවටයි මේවනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒවා භාවිත කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බවද සඳහන්. ඒ, ඉන්දුනීසියාව බලා යාම සඳහායි. ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

    බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී ඊයේ මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනුණා. ඔහු කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා 50 හැවිරිදි අවිවාහකයෙක්.

    මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයේ රුධිර පැල්ලම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර මෙය ඝාතනයක් වියහැකි බවට පොලීසිය සැකපළ කරන්නේ ඒ අනුවයි. මෙම ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර පසුව සිරුර පිහිනුම් තටාකයට දමා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

    ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.