Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF මූල්‍ය සහනය ගැන ආ සුබ ආරංචිය
    Featured

    IMF මූල්‍ය සහනය ගැන ආ සුබ ආරංචිය

    By LFNFebruary 3, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (02) අනාවරණ කළේය.

    මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බවය.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

    ඉන්දියාව ඒ සඳහා අවශ්‍ය අපේක්ෂිත මට්ටමේ ණය සහතිකයක් ලබාදුන් අතර, චීන එක්සිම් බැංකුව ලබාදුන් වසර දෙකක සහන කාලයක් ඇතුළත් ණය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් සඳහන් කළාය.

    මෙවන් පසුබිමක ණයදෙන රටවල් 22කින් සමන්විත පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ ණය සහතිකය කඩිනමින් ලබාදීමට සූදානම් වනබව රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250118 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.