Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්
    Featured

    විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්

    By LFNJanuary 27, 2023No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.

    කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.

    මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.

    විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා වන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබුණි.

    කෙසේවුවද ගතවූ දින දෙක තුළ දෛනික විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

    පැමිණි එකඟතාවන්ට පටහැනිව කටයුතු කරන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවට එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙත ඊයේ දිනයේ දැනුම් දීමක් ද සිදුකළේය.

    මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත සිය ස්ථාවරය මේ වන විට දැනුම් දී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලබා නොදෙන බවය.

    මේ අතර විභාග සමයේ දි තවදුරටත් විදුලි කප්පාදුව සිදුකිරිම පිළිබද අද දිනයේදී මානව හිමිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202505 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.