Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්
    Featured

    විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්

    By LFNJanuary 27, 2023No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.

    කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.

    මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.

    විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා වන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබුණි.

    කෙසේවුවද ගතවූ දින දෙක තුළ දෛනික විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

    පැමිණි එකඟතාවන්ට පටහැනිව කටයුතු කරන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවට එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙත ඊයේ දිනයේ දැනුම් දීමක් ද සිදුකළේය.

    මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත සිය ස්ථාවරය මේ වන විට දැනුම් දී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලබා නොදෙන බවය.

    මේ අතර විභාග සමයේ දි තවදුරටත් විදුලි කප්පාදුව සිදුකිරිම පිළිබද අද දිනයේදී මානව හිමිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.