Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරකයින් යුවළ නිදා සිටියදී කබානාව තුළට රිංගා ඩොලර් 800ක් උස්සලා
    Featured

    සංචාරකයින් යුවළ නිදා සිටියදී කබානාව තුළට රිංගා ඩොලර් 800ක් උස්සලා

    By LFNJanuary 23, 2023No Comments2 Mins Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි.

    ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780ක මුදලක් ද සොයාගෙන තිබේ.

    යෝධ වැව පැත්තෙන් කම්බි වැටෙන් රිංගා පැමිණි සැකකරු සිපර් එකක් යොදා වසා තිබූ කබානාව තුළට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ සංචාරක යුවළ නිදා සිටි බවත් පසුව එහි තිබූ කුඩා බෑගයකින් අදාළ මුදල් සොරාගත් බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

    කෙසේ වෙතත් සැකකරු නැවත කම්බි වැටෙන් රිංගා යන අවස්ථාවේ විදෙස් යුවළ අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු පොරවා ගෙන සිටි රෙද්ද පමණක් අතට හසුවී තිබේ.

    පසුව සැකකරුවන් විසින් රැගෙන ආ පිහියක් හා පාවහන් යුවළ පොලිස් භාරයට ගෙන තිබූ අතර, සැකකරු කබානාව තුළට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.

    එලෙස මුදල් සොරගෙන ඇත්තේ, “මහදේර කොටා” යනුවෙන් හඳුන්වන ලබන පුද්ගලයෙකු බවත් පසුව එම මුදල් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු හා ළඟ තබාගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අද දින තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුදල් අදාළ සංචාරකයින්ට ලබාදීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.