Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි
    Featured

    මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි

    By LFNJanuary 22, 2023No Comments2 Mins Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ සම්බන්ධයෙන් දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

    ප්‍රශ්නය – “ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට පසුගිය ජනවාරි 10 වනදා එල්ල කෙරුණු සම්බාධක පැනවීමට හේතුව සහ කාලරාමුව පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නැහැ.”

    කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි,

    “අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා වගේම යුක්තිය ක්‍රියාත්මකවීම සම්බන්ධවත් අවධානයෙන් සිටියා. කැනඩාව සෑමවිටම මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා. ඒ වගේම කැනඩාව වසර ගණනාවක් පුරාවට වගවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රශ්න කිරීමට කටයුතු කළා. වගවීම පිළිබඳව ප්‍රශ්නයක් පවතින්නේ නම් එවිට ජාත්‍යන්තර නීතීය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රාජපක්ෂ සහෝදරයින්ට සහ අනෙක් අයට ශක්තිමත් සම්බාධක පැනවීමට තීරණය කළේ.”

    “මේ හරහා ඔවුන් සතුව කැනඩාවේ ඇති වත්කම් තහනම් කරනු ලබන අතර ඔවුන්ට කැනඩාවට ඇතුළත්වීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ වගේම G7 රටවල් මෙවැනි පියවර ගැනීමට අවශ්‍ය පෙළඹවීම සිදුකිරීමයි අපේ අරමුණ.”

    ප්‍රශ්නය – “ශ්‍රී ලංකාවේ ගැටලු ආමන්ත්‍රණය කිරීමට වඩා යුක්‍රේනය වැනි රටවල ගැටලු විසඳීමට කටයුතු කිරීමෙන් G7 රටවල සාමාජිකයින්ට වැඩි වාසියක් හිමිවනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් G7 සාමාජිකයින් පෙළඹවීම මගින් කුමන බලපෑමක් ඇති කරයිද?”

    පිළිතුර – “ඒක තමයි මගේ ඉලක්කය. මම ඔවුන්ගේ අවධානය යොමුකරවනවා. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සමාජය දන්නවා මෙය තමයි ගැටලුව බව. සාමය ළඟා කරගැනීමට නම් සත්‍යය පෙන්වා දිය යුතු බව ඔවුන් දන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.