Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක රැසක නාමයෝජනා ගැටලු
    Featured

    දිස්ත්‍රික්ක රැසක නාමයෝජනා ගැටලු

    By LFNJanuary 22, 2023No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසා තිබේ.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණේ හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් බව කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කළේය.

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඊට විරෝධතා දැක්වීම සඳහා පැය 1.30 ක කාලයක් අද ලබාදී තිබුණි.

    කෙසේවෙතත් ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කළේය.

    නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප විය.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂ කිහිපයක් අද නාමයෝජනා පත්‍ර භාරදී තිබුණේ නැත.

    ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ නැත.

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහනගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් නොකළ බවද කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.

    මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර තිබේ.

    එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ද ප්‍රතික්ෂේප විය.

    මේ අතර නිදහස් ජනතා පෙරමුණ තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝපේ පොද්දල සහ අක්මීමන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබුණි.

    මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීනව තරග කිරීම සඳහා පුද්ගලයෙකු සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ තිබුණ ද එහි නීතිඥවරයෙකුගේ හෝ සාමදාන විනිශ්චය කරුවෙකුගේ අත්සන හා නිල මුද්‍රාව නොතීබීම නිසා එයද ප්‍රතික්ෂේප වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 20250111 Views

    වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ…

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025

    ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්

    November 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.