Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය
    Featured

    බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

    By LFNJanuary 17, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඊයේ (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා “අද දෙරණ” ට සඳහන් කළේ, අදාළ නිර්දේශ (17) දිනයේ ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තමාට දැනුම්දුන් බවය.

    බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් වන “රක්නා ෆාම් ඇන්ඩ් ෆුඩ් පුද්ගලික සමාගම” සහ “ඓශ්චර්යා ෆාම් පුද්ගලික සමාගම” පසුගියදා තෝරාගැණුනි.

    ඒ අනුව මෙම සමාගම් දෙකට රුපියල් 35ක පිරිවැයක් යටතේ තමිල්නාඩුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

    එවන් පසුබිමක අද බිත්තර නිෂ්පාදකයින් අවධාරණය කළේ , සහන ලබාදෙන්නේනම් බිත්තර මිල පහළදැමිය හැකි බවය.

    එහෙත්, අද දිනයේත් කොළඹ අවට බොහෝ ස්ථාන වල බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 55කට වැඩි මුදලකටය.

    කෙසේ වෙතත් නුවරඑළිය සහ කඳුකරයේ ජනතාව පවසන්නේ තවමත් බිත්තරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 65 ත් 70 ත් අතර මිලකට බවය.

    මේ අතර, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 202504 Views

    මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගියදා මෙම හමුව…

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.