Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් විනාශයි
    Featured

    වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් විනාශයි

    By LFNJanuary 16, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

    ඊයේ රාත්‍රි 8.30ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10ක පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47දෙනෙකු අවතැන් වී ඇති බවත් තලවකැලේ පොලීසිය පවසයි.

    ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.

    පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් හා තලවකැලේ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්වුණි.

    ගින්නෙන් වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සහ නිවාසවල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

    ගින්නෙන් අවතැන් වුවන් එම වතුයායේම පදිංචි ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව පදිංචි කර තිබේ.

    ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බව තලවකැලේ පොලිසිය කියා සිටියේය.

    අවතැන් වුවන්ට යටිතල පහසුකම් සැපයිමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසින් පියවර ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.