Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය
    Featured

    උසස් පෙළ කාලසීමාවේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය

    By LFNJanuary 14, 2023No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇති බවය.

    2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

    ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

    දිවයින පුරා මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

    මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කටයුතු අතරතුර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.