Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 2025

    මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි – ජනපති

    June 22, 2025

    බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට පාසල් දරුවන්ට චීනයෙන් නිලඇඳුම්
    Featured

    මෙරට පාසල් දරුවන්ට චීනයෙන් නිලඇඳුම්

    By LFNJanuary 14, 2023No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ.

    මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදිපිළි තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී ඊයේ (13) සිදු කෙරුණි.

    සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය.

    2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනවිට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පැවසීය.

    මෙරට රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම සපයා අවසන් බවද මෙහිදී වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම්දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 2025

    මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි – ජනපති

    June 22, 2025

    බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි

    June 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 20250106 Views

    අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම…

    මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි – ජනපති

    June 22, 2025

    බදුල්ල බස් රථ අනතුරේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහයක බව හෙළිවෙයි

    June 22, 2025

    විදුලි සෝපානයකින් වැටී තරුණයෙකු මරුට

    June 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.