Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි
    Featured

    පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි

    By LFNJanuary 14, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජුලි 9 වනදා පැවති ජන අරගලය අතරතුර අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (13) කැඳවීය.

    අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස එහිදී පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට යළි නියෝග කරනු ලැබීය.

    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ,

    ‘විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැහැ. ප්‍රකාශ ගන්න, අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ’ යනුවෙනි.

    මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද අදාළ නඩුව සඳහා ඊයේ අධිකරණය වෙත ගෙන එනු ලැබීය.

    එහිදී ඒ සම්බන්ධයෙන් ඔහුට ඇප හිමිවිය.

    නමුත්, ඊට අදාළව පවතින තවත් නඩු හේතුවෙන් ඔහු තවදුරටත් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.