Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 2026

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමෘද්ධි ලාභීන්ගෙන් සියයට 40ක් නුසුදුස්සන් බවට හෙළිවෙයි
    Featured

    සමෘද්ධි ලාභීන්ගෙන් සියයට 40ක් නුසුදුස්සන් බවට හෙළිවෙයි

    By LFNJanuary 12, 2023No Comments3 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

    එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය.

    ඒ අනුව එම දත්ත රැස්කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සඳහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට තිබිණි.

    ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පවසා සිටියේ, ලියාපදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් පනතේ විධිවිධාන අනුව අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළ දත්ත සහ තොරතුරු ලබාගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බව පෙන්වා දෙමින් එකී වගන්ති සංශෝධනය කරන තුරු මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වන බව සමෘද්ධි, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවය.

    මෙම 21 සහ 22 වගන්තිය මගින් සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරීන්ද දඬුවමකට යටත්වන බැවින් මෙසේ එම වගන්ති සංශෝධනය වනතුරු මෙම දත්ත එකතු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

    රජයේ සුබසාධක ලැබීම් සඳහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන්/පවුල් හඳුනාගැනීම සඳහා මූලික අයදුම්පත් භාරගැනීම පසුගියදා අවසන් වී තිබිණි.

    එසේම සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හඳුන්වා දුන් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

    මෙහිදී කමිටුවේදී සාකච්ඡාවූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී ද හෙළිවී ඇති බවය.

    ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබාදී ඉන් යම් ප්‍රතිශතයක් ලබාගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡා විය.

    මනා විනිවිඳබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදුකිරීම සඳහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

    එසේම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළයුතු බවටද කාරක සභාව විසින් නිර්දේශයක්ද ලබා දෙන ලදී.

    තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැඳුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වාදෙන ලදී.

    මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමාවීමටත් මෙම ලේඛනය සකස් කිරීම පමාවීම හේතුවිය හැකි බැවින්ද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියක් ඇති කිරීම සඳහා ද කඩිනමින් මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.

    ඒ අනුව මෙම ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසය.

    එසේම විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කරමින් මෙම දත්ත රැස්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අදාළ තීරණ ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.

    එසේම එම ප්‍රගතිය සති දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙස ද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 2026

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි

    March 6, 20260117 Views

    අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී…

    බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්

    March 6, 2026

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    March 6, 2026

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.