Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවේ දී සොරකමේ ගිය ලාංකිකයෝ 4ක් අත්අඩංගුවට
    Featured

    ඉන්දියාවේ දී සොරකමේ ගිය ලාංකිකයෝ 4ක් අත්අඩංගුවට

    By LFNJanuary 12, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    “තක් තක්” නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා ඉන්දීය රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ සොරකම සඳහා සහභාගී වු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දිල්ලි සහ වෙනත් ප්‍රදේශවල තාවකාලික පැල්පත්වල ජීවත් වන පිරිසක් වන අතර ඔවුන් මීට පෙර ද ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    එම සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔවුන් අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 20250116 Views

    ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ…

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.