Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවේ දී සොරකමේ ගිය ලාංකිකයෝ 4ක් අත්අඩංගුවට
    Featured

    ඉන්දියාවේ දී සොරකමේ ගිය ලාංකිකයෝ 4ක් අත්අඩංගුවට

    By LFNJanuary 12, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    “තක් තක්” නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා ඉන්දීය රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ සොරකම සඳහා සහභාගී වු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දිල්ලි සහ වෙනත් ප්‍රදේශවල තාවකාලික පැල්පත්වල ජීවත් වන පිරිසක් වන අතර ඔවුන් මීට පෙර ද ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    එම සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔවුන් අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.