Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට
    Featured

    සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට

    By LFNJanuary 11, 2023No Comments3 Mins Read200 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය.

    ඒ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේ සැකකරු ද්වේශ සහගත ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහරිමින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයා ඇති බවය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරීස් මහතා සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුනි.

    මෙම සිද්ධියට අදාළව සැකකරු විසින් පුරාවිද්‍යා ආඥා පනත යටතේ වරදක් සිදුකර ඇති බව පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ප්‍රකාශයක් ලබා දී ඇති බව පැවසීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් මාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා සැකකාර සේපාල් අමරසිංහ යූ-ටියුබ් නාලිකා 2 ක් පවත්වාගෙන යන බවත් ඒ වටා ග්‍රාහකයින් හෙවත් යූ ටියුබ් Subcribers 172,000 ක ප්‍රමාණයක් එක්ව සිටින බවය.

    පසුගිය කාලසීමාවේ පමණක් වීඩීයෝ පට 779 ක් යූ ටියුබ් වෙත මුදාහැර ඇති සේපාල් අමරසිංහ ඒ තුළින් වසරකට ඩොලර් 45,500 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවත් මසකට රුපියල් 14 ලක්ෂ 50,000 ක මුදලක්ද ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    සාමාන්‍ය පෙළ පමණක් සමත්, උසස් පෙළ අසමත් සේපාල් අමරසිංහ මාසිකව යූ ටියුබ් ඔස්සේ ඩොලර් උපයා ගැනීමේ අරමුණෙන් ද්වේෂය වපුරා ඇති බවද එහිදී ප්‍රකාශ විය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, ඩොලර් ඉපයීම අරමුණු කරගත් සැකකරු නිදහස් මාධ්‍යවේදියෙක් නොව ජාවාරම්කරුවෙක් බවය.

    කෙසේවෙතත් සැකකරුගේ මෙම වීඩීයෝ පටයට විවිධ පිරිස් ප්‍රතිචාර දක්වන බවත් ඒ හරහා සෑම ආගමකම සිටින අන්තවාදී පිරිස් මේ හරහා ගැටුමකට යෑමට උත්තේජනය ලබාදෙන බවත් දීලිප පිරීස් මහතා පෙන්වා දුනි.

    සැකකරු ඔහුගේ එක් වීඩීයෝ පටයක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ”මචං ඥානසාර” යනුවෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එලෙස උසස් පෙළ විභාගයවත් සමත් නොමැති සැකකරු පූජ්‍ය පක්ෂය නියෝජනය කරන හිමි නමකට එලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි දිලීප පිරීස් මහතා ප්‍රශ්න කළේය.

    ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස, නීතිවිරෝධී දෙයකට අත ගැසූ සැණින් අවසන් වන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුගේ ප්‍රකාශය තුළින් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති බවත් පෙන්වා දුනි.

    ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නොමැති නිසා සැකකරුට මේ මොහොතේ ඇප ලබාදීම කිසිලෙසකින් සිදු නොකළ යුතු බව දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේය.

    අනතුරුව සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අදහස් පළ කළේය.

    නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ සේපාල් අමරසිංහගේ අදාළ ප්‍රකාශයෙන් පසු සමාජයේ කිසිඳු කැළඹීමක් හටගෙන නොමැති බවත් අඩුම තරමේ ඔහුගේ නිවස වැටලීමටවත් කිසිවෙකු හෝ නොපැමිණි බවය.

    සිදුවූයේ, සුළු පිරිසක් සේපාල අමරසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆේස්බුක් හි කතාබහට ලක්වීම බවත් එය සිදුනොවුනානම් පැමිණිලි පාර්ශ්වය මේ පිළිබඳව දැනුවත් නොවන බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ප්‍රකාශ කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ සෑමවිටම නිර්මල බුදුදහමේ සුරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සිය සේවාදායකයා දූෂිත දේශපාලනඥයින්ට,භික්ෂූන්ට සහ දූෂිත පිරිස් රට හමුවේ අනාවරණ කිරීමේ කටයුත්තේ නිරතව සිටි බවය.

    ”කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි” යන පාඨය සිහිකරමින් සැකකරුගේ ප්‍රකාශයෙන් බුදු දහමට හානියක් වූවා යැයි පැවසීම පට්ටපල් බොරුවක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුනි.

    සැකකරු විසින් සිදුකළ ප්‍රකාශය තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුවී ඇති බව තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වන දා ප්‍රකාශ කරන බවත් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.