Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල සංශෝධනය ගැන PUCSL තීරණය
    Featured

    විදුලි බිල සංශෝධනය ගැන PUCSL තීරණය

    By LFNJanuary 10, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.

    විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවය.

    ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බව ද ජනක රත්නායක මහතා පැවසීය.

    “අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් වියයුතු නම් එය පෙබවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නේ තියන්නේ අපිට මේ යෝජනාව ලැබුණේ ඊයේ. මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක – 50ක කාලයක් යනවා. ඒ ක්‍රමවේදය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව සාධාරණ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක්, මේ පනතේ තියෙන ආකාරයට ලබාගන්නා සියලුම වියදම් අයකර ගන්නා ක්‍රමවේදයකට, ඒ කටයුත්ත ඉදිරියේ කෙරෙනවා ඇති. ඒ වගේම අපි කතා කරනවා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍යයි කියලා. ඒ පිළිබඳ අවධානය යොමුකරනවා.

    හැබැයි අපි කැබිනට් පත්‍රිකාවේ දෙවැනි ජේදයේ තියෙනවා මේ මාර්ගෝපදේශයන්ට අනුව මේ සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් 2023 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය යෝජිත විදියට කරන්න ඕනේ කියලා. අතීතයට බලපාන විදියට විදුලි බිල සංශෝධනය කරන ක්‍රමවේදයක් නෑ. ඒ වගේම අන්තර්කාලීන විදුලි බිල සංශෝධනයක් කිරීමේ හැකියාවකුත් නෑ. පනත අනුව. ඒ අනුව අපි කරන්නේ ඊයේ ලැබුණ යෝජනාව අනුව මේ අවුරුද්දට තියෙන විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන් කියන එක අනුව ඉදිරියේ දී එවලා තියෙන යෝජනාව අපි සැලකිල්ලට භාජනය කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.