Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක්
    Featured

    සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක්

    By LFNJanuary 9, 2023No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

    ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

    බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නම් පුද්ගලයෙක් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.

    ඒ අනුව, පර්ශ්ව කිහිපයකින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ලැබුණු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සේපාල් අමරසිංහ නැමැත්තාව පසුගිය 5වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

    පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    එමෙන්ම කුරුණෑගල පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවේ නිර්මාතෘ ජානක සේනාධිපති නැමැත්තාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    අදාළ ප්‍රදේශයට ගොස් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙයි.

    පැය 5කට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.